කුකුළේගඟ ජලාශයේ වාන් දොරටු විවෘත කරයි

කුකුළේගඟ ජලාශයේ වාන් දොරටු විවෘත කරයි

කුකුළේගඟ ජලාශයේ වාන් දොරටු 03ක් විවෘත කර තිබෙනවා.

මේ හේතුවෙන් කුකුළේගඟ ජලාශය අවට පහතබිම්වල ජනතාවට අවධානයෙන් පසුවන ලෙසයි එහි පාලන අධිකාරිය නිවේදනය කර තිබෙන්නේ.

ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග ජලාශයේ ධාරිතාවය ඉහළ හේතුවෙනුයි මෙලෙස වාන්දොරටු විවෘත කිරීමට පියවර ගෙන ඇත්තේ.

කළු ගඟෙහි කුඩා ගඟ උප ද්‍රෝණියේ ඉහළ ප්‍රදේශවල සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට මේ වනවිට අනතුරු ඇඟවීමක් සිදුකර තිබෙනවා.

Share This