
කුකුළු මස්, බිත්තර සහ මාළු මිල සීඝ‍්‍රයෙන් ඉහළ යාම පිළිබඳ අමාත්‍ය මණ්ඩලයේ අවධානය
කුකුළු මස්, බිත්තර සහ මාළු මිල ගණන් සීඝ‍්‍රයෙන් ඉහළ යාම පිළිබඳ අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමුව ඇතැයි කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
පාරිභෝගිකයින් සඳහන් කළේ රුපියල් 1,000 ත් 1,100 ත් අතර පැවති කුකුළු මස් කිලෝවක මිල මේ වන විට රුපියල් 1,500 ත් 1,600 ත් අතර අගයක පවතින බවයි.
ඊට සමගාමීව වෙළෙඳපොළේ මාළු මිල ගණන්ද ඉහළ ගොස් ඇති අතර අද දිනයේදී පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ ඇතැම් මාළු වර්ගවල මිල රුපියල් 2,000කට ආසන්න අගයක පැවතියා.
මේ අතර අප වාර්තාකරුවන් සඳහන් කළේ බිත්තර සඳහා රජය මගින් පාලන මිලක් පනවා තිබුන ද අද දිනයේ ද ඇතැම් වෙළඳසැල්වල සුදු බිත්තරයක් රුපියල් 55 කට සහ රතු බිත්තරයක් රුපියල් 60 මිලකට අලෙවි වන බවයි.