
කිවියන්ට එරෙහි එක්දින සංචිතයට මැතිව්ස් – 20 /20 ට කුසල් .
නවසීලන්ත කණ්ඩායම සමඟ එක්දින සහ විස්සයි විස්ස තරඟාවලිය සඳහා ක්‍රීඩා කිරීමට නියමිත ශ්‍රී ලංකා සංචිත අද (17) ප්‍රකාශයට පත්කර තිබෙනවා .
එක්දින තරඟාවලිය වෙනුවෙන් දසුන් ශානකගේ නායකත්වයෙන් 18 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් ප්‍රකාශයට පත් කර ඇති අතර ඇන්ජලෝ මැතිව්ස් දෙවසරකට පසු එක්දින සංචිතයට කැදවා තිබීම විශේෂත්වයක්.
යොවුන් ක්‍රීඩක සහන් ආරච්චිගේ එක්දින සංචිතයට ඇතුලත්.
මේ අතර ආබාධ තත්වයක් මත දිගු කලක් පිටියෙන් ඉවත්ව සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා 20-20 සංචිතයට නම් කර ඇති අතර නවක ක්‍රීඩක ලසිත් කෘස්පුල්ලේ ද එම සංචිතයටද නම්කර ඇති බවයි වාර්තා වන්නේ .