කිරිදෙන මව්වරුන්ට කොරෝනා එන්නතෙන් ගැටලුවක් නැහැ.

කිරිදෙන මව්වරුන්ට කොරෝනා එන්නතෙන් ගැටලුවක් නැහැ.


තෙවන කොරෝනා රැල්ලෙන් මේ වන විට ගර්භනී මාතාවන් 5 දෙනෙකු මිය ගොස් ඇති බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය පවසනවා.

එමෙන්ම, ගැබිණි මව්වරුන්ට ද කොරෝනා එන්නත ලබාදීම සුදුසු බවට ප්‍රතිශක්තීකරණය පිළිබද උපදේශක කමිටුව විසින් තීරණය කර ඇති බව ද ඇය ප්‍රකාශ කළා.

ඔවුන්ට එන්නත ලබාදෙන ක්‍රමවේදය තීරණය කිරීම සඳහා කමිටුවක් ද පත් කිරීමට පියවර ගෙන ඇති බවයි විශේෂඥ වෛද්‍යවරිය කියා සිටියේ.

කිරිදෙන මව්වරුන් කොරෝනා මර්ධන එන්නත ලබාගැනිමේ කිසිදු ගැටළුවක් නොමැති බව කොළඹ ජාතික බෝවන රෝග විද්‍යා ආයතනයේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසනවා.

එන්නත ලබාගත් පසුද අදාල මව්වරුන්ට සාමාන්‍ය පරිදි දරුවන්ට කිරි දිමේ හැකියාව පවතින බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම කියා සිටියේ.

වැඩි දුරටත් අදහස් දැක්වු විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා.

කොරෝනා වෛරසය වාතයෙන් බෝවන බවට ඇතැම් මාධ්‍ය වල පල වු වාර්තා පදනම් විරහිත බවයි එහිදී විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පෙන්වා දෙන්නේ.

එම මාධ්‍ය හමුවට එක් වෙමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය කියා සිටියේ .

මෙරටට ගෙන්වා ඇති කොරෝනා එන්නත් වර්ග 4 න් කිසිදු වර්ගයකින් කිරිදෙන මව්වරුන්ට අහිතකර බලපෑමක් නොමැති බවයි

Share This