කින්නියා පාලම් පාරු අනතුරට අත්අඩංගුවට ගත් තිදෙනා රක්ෂිත බන්ධනාගාරයට.

කින්නියා පාලම් පාරු අනතුරට අත්අඩංගුවට ගත් තිදෙනා රක්ෂිත බන්ධනාගාරයට.

ත්‍රිකුණාමලය කින්නියා ප්‍රදේශයේ කුරුඤ්ඤන්කේනි කලපුවේ පාලම් පාරු අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් තිදෙනා ලබන 08 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය නියෝගය ලබාදුන් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසුවේ.

පෙරදා දිනයේ පෙරවරුවේ සිදුවූ අනතුරෙන් ළමුන් 04 දෙනෙකු ඇතුළු හයදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර අනතුරට පත් තවත් විසිදෙනෙකු රෝහල් ගත කෙරුණා.

Share This