කැළණි ගඟේ වැලි ගොඩදැමූ සිව් දෙනෙකු අත්අඩංගුවට

කැළණි ගඟේ වැලි ගොඩදැමූ සිව් දෙනෙකු අත්අඩංගුවට

බලපත‍්‍ර නොමැතිව කැළණි ගඟේ වැලි ගොඩදමමින් සිටි පුද්ගලයන් සිව් දෙනෙකු හංවැල්ල ඇඹුල්ගම හන්දිය ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රණාල ප‍්‍රදේශයේ පදිංචිකරුවන් සතුව තිබූ වැලි කියුබ් එකක්, ලොරි රථයක් සහ ඔරුවක් ද විශේෂ කාර්යය බලකාය විසින් සිය භාරයට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කලේ.

බැකෝ යන්ත‍්‍රයක් යොදා ගනිමින් අඩ්ඩාලච්චේන කලපුව ගොඩ කරමින් සිටි සැකකරුවෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර පොලිස් මූලස්ථානය නිවේදනය කලේ බලපත‍්‍ර නොමැතිව මැණික් ගරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු රත්නපුර මාරපන ප‍්‍රදේශයේ කළ වැටලීමක දී අත්අඩංගුවට ගත් බවයි.

Share This