ක්‍රීඩා ඇමතිගේ රග්බි ගැසට්ටුවට එරෙහිව අතුරු තහනමක්.

ක්‍රීඩා ඇමතිගේ රග්බි ගැසට්ටුවට එරෙහිව අතුරු තහනමක්.

ශ්‍රී ලංකා රග්බි ආයතනයේ සභාපති රිස්ලි ඉලියාස් මහතාගේ සහ එම ආයතනයේ කටයුතු අත්හිටුවමින් ක්‍රිඩා අමාත්‍යවරයා නිකුත් කළ ගැසට් නිවේදනයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේනවා .

මෙම නියෝගය නිකුත් කරනු ලැබීවේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන විනිසුරු මඩුල්ල විසින්.

රග්බි ආයතනයේ සභාපතිවරයා විසින් මෙම රිට් පෙත්සම ඉදිරිපත් කර තිබූ අතර මෙම අතුරු නියෝගය පෙත්සම් විභාගය අවසන් වන තෙක් බලපැවැත්වෙන බවද එම නියෝගයේ සඳහන්.

Share This