ක්ලැරන්ස් ගිල්යාඩ් මියයයි

ක්ලැරන්ස් ගිල්යාඩ් මියයයි

ටොප් ගන්, ඩයි හාඩ් වැනි ජනප්‍රිය සිනමාපට වල රංගනයෙන් දායක වූ ක්ලැරන්ස් ගිල්යාඩ් මියගොස් තිබෙනවා.

මියයන විට 66 හැවිරිදි වියේ සිටි ක්ලැරන්ස් දිගු කලක් රෝගාතුරව සිටි බව වාර්තා වනවා.

ඔහු රංගන ශිල්පියෙකුට අමතරව ලාස් වේගාස් සරසවියේ සිනමා සහ වේදිකා නාට්‍ය පිළිබඳව මහාචාර්ය වරයා ලෙසද කටයුතු කර තිබෙනවා.

1955 දෙසැම්බර් 24 වනදා උපත ලද ක්ලැරන්ස් රංගන ශිල්පියෙකු ලෙස ක්ෂේත්‍රයට පිවිසීමට පෙර ගුවන් හමුදා ඇකඩමියේ කැඩෙට් වරෙයෙකු ලෙස සේවයේ නිරත වී තිබෙනවා.

Share This