කළු දිලීර රෝගයෙන් ඉන්දියාවේ 4,300 ක් මියයයි.

කළු දිලීර රෝගයෙන් ඉන්දියාවේ 4,300 ක් මියයයි.

කළු දිලීර රෝගය හේතුවෙන් ඉන්දියාවේ පුද්ගලයින් 4,300 දෙනෙකු මේ වන විට මියගොස් ඇති බව එරට සෞඛ්‍ය අංශ පවසනවා.

මෙම රෝගය වසංගතයක් බවට පත්වනු ඇති බවටයි ඔවුන් අනතුරු අඟවා ඇත්තේ.

එමෙන්ම ඉන්දියාවේ කොරෝනා වයිරස ව්‍යාප්තිය සම්බන්ධයෙන් සිදුකළ නවතම සමීක්ෂණයක ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා

අදාළ වාර්තාවට අනුව එරට සමස්ත ජනතාවගෙන් තුනෙන් දෙකක පිරිසක් කොරෝනා වයිරසයට නිරාවරණය වී ඇති බව සඳහන්.

ඉන්දීය සෞඛ්‍ය පර්යේෂණ කවුන්සිලය විසිනුයි මෙම සමීක්ෂණය සිදුකර ඇත්තේ.

ඉන්දියාවේ ප්‍රාන්ත 21 කින් පුද්ගලයින් 36,227 දෙනෙකු මෙම සමීක්ෂණය සදහා සහභාගි කරගෙන තිබෙනවා.

ඒ අනුව වයස අවුරුදු හයට වැඩි ජනගහනයෙන් සියයට හැට හතක් කොරෝනා වයිරසයට නිරාවරණය වී ඇති බව එහි සදහන්.

සමීක්ෂණයට සහභාගි වූ තුනෙන් දෙකක පිරිසකගේ සිරුරෙහි ප්‍රතිදේහ සහිත බවද සමීක්ෂණ වාර්තාවේ දැක්වෙනවා.

Share This