කළු කඩ මැඩලීමට මහ බැංකුවෙන් නව පියවර

කළු කඩ මැඩලීමට මහ බැංකුවෙන් නව පියවර

ඩොලර් භාවිත කරමින් සිදු කරන කළු කඩ ව්‍යාපාර මැඩලීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා කියා සිටියේ ඩොලරය සඳහා මහ බැංකුව නියම කර ඇති විනිමය අනුපාතිකය සහ කළු කඩ අගය අතර ඇති වෙනස හේතුවෙන් බොහෝ විදෙස්ගත ශ්‍රමිකයින් හවාලා ක්‍රම හරහා මෙරටට මුදල් එවීමට පුරුදු වී ඇති බවයි.

යම් අයෙක් ශ්‍රී ලංකාවට මුදල් එවන්නේ නම් පිළිගත් ක්‍රමවේදයන් ඔස්සේ එය සිදුකළ යුතු බවයි මහ බැංකු අධිපතිවරයා එහිදී කියා සිටියේ.

Share This