කසාද බඳින එක අපි දෙන්නගේ ජීවිතේ වැදගත්ම දේ නෙමෙයි – කසුනි [PHOTOS]

කසාද බඳින එක අපි දෙන්නගේ ජීවිතේ වැදගත්ම දේ නෙමෙයි – කසුනි [PHOTOS]

ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වුණු ජනප්‍රියම ටෙලිනාට්‍යයක් තමයි ‘නාඩගම්කාරයෝ’ කියන්නේ. ඉතින් මේ ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතය වුණු සරාගේ අක්කා රසිකා විදියට ප්‍රේක්ෂක අපි අතරට ආවා…

ඒ දක්ෂ රංගන ශිල්පිනිය තමයි කසුනි කාවින්දි කියන්නේ…. ඔයාලා එයා ගැන දැනටමත් දේවල් දන්නවා ඇතිනේ නේද ?

ඇයගේ කලා ගමන ආරම්භ වෙන්නේ වේදිකාවෙන්…. ඊට පස්සේ පුංචි තිරය හරහා ප්‍රේක්ෂකයින් වෙත සමීප වෙන කසුනි වේදිකාවට මද විරාමයක් දීලා තමයි ටෙලිනාට්‍යය වැඩ ටික කරන්නේ….

කොහොම වෙතත් තමන් කරන වැඩේට උපරිම සාධාරණයක් ඉෂ්ට කරන කසුනි චරිතාංග රංගන ශිල්පිනියක් විදියට කලාව තුළ දක්ෂතා පෙන්වන්න සහ පෙන්නපු කෙනෙක් කියලා කියන්න පුළුවන්…. ඒ වගේමයි කරන්නන් වාලේ චරිත කරනවාට වඩා හොඳම වැඩක් කරන්න එකතු වෙන එක ඇගේ එකම අරමුණ.

තවම විවාහ වෙලා නැති කසුනිගෙන් ආදරය ගැන ප්‍රශ්නයක් ඇහුවාම ඇය කිව්වේ මේ වගේ අදහසක්….

” මම හිතන්නේ ජීවිතයේ වැදගත්ම දේ විවාහය නෙමෙයි. ඒ නිසා ඒක ගැන තීරණයක් ගන්න දැන්ම හදිස්සි වෙන්නේ නෑ. මට පෙම්වතෙක් ඉන්නවා. එයත් නළුවෙක්. ඒ නිසා එයා හොඳට තේරුම් අරන් ඉන්නේ. අපේ ජීවිත වලට අපි සීමා දාගෙන නෑ. එයා කලා ක්ෂේත්‍රය තුළ බැහැලම වැඩ කරන කෙනෙක්. එයාටත් දැන්ම කසාද බඳන්න හදිස්සියක් නෑ. මගේ ජීවිතේ මට කසාදෙට කලින් තව කරන්න වැඩ ගොඩක් තියෙනවා. ඒ ගැන හිතලා තමයි දැන් වැඩ කරන්නේ. මමයි පෙම්වතයි විවාහයට මුල් තැන දීලා නෑ.’’

Share This