කරන්නාගොඩට එරෙහි චෝදනා ඉවතට

කරන්නාගොඩට එරෙහි චෝදනා ඉවතට

හිටපු නාවික හමුදාපති, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයේ ගොනු කර ඇති අධිචෝදනා ඉවත් කර ගන්නා බව නීතිපතිවරයා අද අභියාචනාධිකරණයට දැනුම් දුන්නා.

තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමට අදාළ නඩුවේ විත්තිකරුවෙකු ලෙසයි හිටපු නාවික හමුදාපතිවරයා නම්කර ඇත්තේ.

ඒ, අනුව තමන්ට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නඩු පැවරීමට නීතිපතිවරයා ගෙන ඇති තීරණය බලරහිත කරන රීට් ආඥාවක් නිකුත් කරන්නැයි හිටපු නාවික හමුදාපතිවරයා පෙත්සමක් ගොණු කළා.

ඊට අදාල නඩුව අද කැඳවූ අතර නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ අවන්ති පෙරේරා මහත්මිය මෙම දැනුම් දීම සිදු කළ බවයි වාර්තා වුණේ.

නඩුව සෝභිත රාජකරුණා, ධම්මික ගනේපොළ යන විනිසුරු මඩුල්ල හමුවේ කැදවනු ලැබුවා.

Share This