
කබ්රාල්ට අධිකරණයෙන් සහනයක්
හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව පූජ්‍ය තිනියාවල පාලිත හිමියන් ගොනුකර තිබූ පෞද්ගලික නඩුව, උන්වහන්සේ විසින්ම ඉල්ලා අස්කර ගෙන තිබෙනවා.
එම නඩුව අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හමුවේ කැඳවූ අවස්ථාවේ පැමිණිලි පාර්ශවයේ නීතීඥවරුන් අධිකරණයට දැනුම් දුන්නේ මෙම නඩුව ඉදිරියට පවත්වාගෙන යාමට බලාපොරොත්තු නොවන බවයි.
ඒ අනුව විත්තිකාර අජිත් නිවාඩ් කබ්රාල් මහතා අදාළ නඩුවෙන් නිදහස් කිරීමට කොටුව මහෙස්ත්‍රාත්වරයා නියෝග කළා.