කතරගම ප‍්‍රාදේශීය සභාව විසුරුවා හරී

කතරගම ප‍්‍රාදේශීය සභාව විසුරුවා හරී

කතරගම ප‍්‍රාදේශීය සභාව ඊයේ මධ්‍යම රාත‍්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි විසුරුවා හැරීමට ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා නියෝග කර තිබෙනවා.

ඊට අදාළ ගැසට් නිවේදනය මේ වන විට නිකුත් කර ඇති බව සඳහන්.

පසුගිය මැයි මස 10 වැනිදා එම ප‍්‍රාදේශීය සභාවේ කටයුතු තාවකාලිකව අත්හිටුවමින් එහි සභාපතිවරයාගේ සහ සභාවේ අකාර්යක්ෂමතා සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකිරීමට ආණ්ඩුකාරවරයා පියවර ගනු ලැබුවා.

එම පරීක්ෂණය සිදුකළ විශ‍්‍රාමලත් අධිකරණ විනිසුරු එච්.එම්.ආර්. අනුර කුමාර මහතාගේ පරීක්ෂණ වාර්තාවේ කරුණු සැලකිල්ලට ගනිමින් එම නියෝගය නිකුත් කර තිබෙනවා.

Share This