කණ්ඩායමේ උපරිම දස්කම් අද බලාපොරොත්තු වෙනවා

කණ්ඩායමේ උපරිම දස්කම් අද බලාපොරොත්තු වෙනවා

ඕමානය සමග අද පැවැත්වෙන පළමු 20 යි විස්ස තරගයේදී තම ක්‍රීඩකයින්ගෙන් උපරිම දස්කම් බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා 20 යි විස්ස සහ එක් දින නායක දසුන් ශානක පවසනවා.

මස්කට් ක්‍රීඩාංගනයේ තණතිල්ල පිතිකරුවන්ට වාසිදායක වනු ඇති බවටයි ශ්‍රී ලංකා නායකයාගේ විශ්වාසය වන්නේ.

අද තරගය සඳහා එක් වන ශ්‍රී ලංකා සංචිතය පිළිබඳ අදහස් දක්වමින් දසුන් ශානක ප්‍රකාශ කළේ තම සංචිතයේ ඉහල දස්කම් සහිත ක්‍රීඩකයින් සිටින බැවින් අවසන් 11 දෙනා තේරීම අපහසු කාර්්‍යයක් නොවන බවයි.

ඇගිල්ලක ආබාධයකට ලක්ව සිටි භානුක රාජපක්ෂද අද තරගය සඳහා එක් වීමට නියමිත අතර ඔහු මේ වන විට පූර්ණ සුවය ලබා ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම මෙම තරගයේ පුහුණු උපදේශකයෙක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්ව සිටින ප්‍රවීණ ක්‍රීඩක මහේල ජයවර්ධන තම කණ්ඩායමට ප්‍රභල වාසියක් බවයි දසුන් ශානක වැඩිදුරටත් කියා සිටියේ.

Share This