කඩුවෙල සිදුවූ පුද්ගල ඝාතනයට සැකපිට  තිදෙනෙකු අත් අඩංගුවට.

කඩුවෙල සිදුවූ පුද්ගල ඝාතනයට සැකපිට තිදෙනෙකු අත් අඩංගුවට.

කඩුවෙල, 8 කණුව ප්‍රදේශයේ සිදුවූ පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී ඝාතනය සඳහා යොදා ගත් පිහියක්, වයරයක්, යතුරු පැදියක් සහ ත්‍රීරෝද රථයක් සොයා ගැනීමට හැකි වූ බවයි පොලීසිය සඳහන් කළේ.

අදාළ ප්‍රදේශයේ නාඳුනන මළ සිරුරක් පවතින බවට කඩුවෙල පොලීසියට ලැබුණු ඇමතුමකට අනුව සිදුකළ විමර්ශනවලදී මෙය ඝාතන සිද්ධියක් බවටයි අනාවරණ වී ඇත්තේ.

ඒ අනුව සිදුකළ විමර්ශනවලදී සැකකරුවන් අත් අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් පොලීසියට පාපොච්චාරණය කර ඇත්තේ අදාළ පුද්ගලයා පැහැරගෙන ගොස් මුල්ලේරියාව ප්‍රදේශයේදී පහරදී ඝාතනය කර, පසුව ත්‍රීරෝද රථයකින් 8 කණුව ප්‍රදේශයට රැගෙනවිත් දැමූ බවයි

අත්අඩංගුවට ගත් සැකකරුවන් වැල්ලම්පිටිය හා අංගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් සහ මියගිය පුද්ගලයා අතර කලක පටන් පැවති ආරවුලක් මෙම ඝාතනයට හේතු වී ඇති ඉවයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

Share This