කඩිනමින් පාසල් ඇරඹීමට ජනපතිගෙන් සෞඛ්‍ය අංශ වලට උපදෙස්

කඩිනමින් පාසල් ඇරඹීමට ජනපතිගෙන් සෞඛ්‍ය අංශ වලට උපදෙස්

දැනට වාර්තා වන දෛනික මරණ සංඛ්‍යාව ශූන්‍ය කිරීමට සහ රෝගීන් වාර්තා වන ප්‍රදේශ පිළිබඳ අවධානය යොමුකර රෝග ව්‍යාප්තිය වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය අංශ වෙත උපදෙස් ලබා දුන්නා.

ඒ, අද පෙරවරුවේ පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදීයි

එමෙන්ම අධ්‍යාපන සහ සෞඛ්‍ය අංශ එක්ව සාකච්ඡා කර දිවයිනේ සියලු‍ පාසල් ආරම්භ කිරීමට හා උපකාරක පන්ති ඇරඹීමට ඇති හැකියාව පිලිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදහස් පල කලා.

මේ අතර අන්තර් පළාත් සංචරණ සීමා ලබන 31 වනදා අලු‍යම 4ට ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමෙදී එම තීරණය ගත් බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ.

ඔහු කියා සිටියේ තෝරාගත් පිරිස් සඳහා බූස්ටර් එන්නත ලෙස ෆයිසර් එන්නත ලබාදීම නොවැම්බර් 01වනදායින් පසුව ආරම්භ කිරීමටද සැලසුම් කර ඇති බවයි

මේ අතර දිවයින පුරා දුම්රිය ධාවනය නොවැම්බර් මස 1 වනදා ආරම්භ කිරීමට රජය සැලසුම් කර තිබෙනවා.

ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළේ අද පැවති සාකච්චාවකදී මෙම තීරණයට එළඹි බවයි.

Share This