කටුනායක ගුවන්තොටුපොලේ දෙවන පර්යන්තයේ ඉදිකිරීම් සදහා ජපානයේ සහාය

කටුනායක ගුවන්තොටුපොලේ දෙවන පර්යන්තයේ ඉදිකිරීම් සදහා ජපානයේ සහාය

කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපලේ දෙවන පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු සඳහා ජපන් රජයේ සහාය අඛණ්ඩව ලබාදෙන බව ශ‍්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිදෙකි මහතා පවසනවා.

ජපන් තානාපතිවරයා සහ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අතර විශේෂ සාකච්ඡාවක් වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යංශයේ දී පැවැත්වුණා.

ශ‍්‍රී ලංකාවේ ණය ප‍්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල සාර්ථක කර ගැනීම සදහා ජපානය ලබාදෙන සහාය සම්බන්ධයෙන් අමාත්‍යවරයා එහිදී සිය කෘතඥතාව පළකර සිටි බවයි එම අමාත්‍යාංශය කියා සිටියේ.

Share This