කංගනාගේ “ධකාඩ්” ආසාර්ථක ද ? [PHOTOS]

කංගනාගේ “ධකාඩ්” ආසාර්ථක ද ? [PHOTOS]

මීට දින කිහිපයකට පෙර තිරගත කෙරුණු කංගනා රනවුත්ගේ ‘ධකාඩ්’ චිත්‍රපටය මේ වනවිට පාඩු ලැබූ චිත්‍රපටයක් විදිහට ඉන්දීය මාධ්‍ය වාර්තා කරලා තියෙනවා…

මේ චිත්‍රපටය හදන්න ඉන්දීය රුපියල් කෝටි 8.5ක් වැය කරලා තියෙනවා කියලා තමයි ආරංචිය…

ඒත් චිත්‍රපටය ප්‍රේක්ෂකයින්ට පෙන්නලා හොයලා තියෙන්නේ ඉන්දීය රුපියල් කෝටි 2.5ක් කියලා තමයි ඉන්දීය මාධ්‍ය කියලා තියෙන්නේ…

කොහොම හරි සිනමා විචාරකයින් කියලා තියෙන්නේ මේ චිත්‍රපටයේ පිටපතක් කාටත් හොරෙන් අන්තර්ජාලයට එකතු කරලා තියෙනවා කියලයි… එහෙම එකතු කරපු එකෙන් තමයි මේ දේ වෙලා තියෙන්නේ කියලා…

කෙසේ වෙතත් කාර්තික් ආර්යයන් විසින් අධ්‍යක්ෂණය කරපු ‘බූල්බුලයියා’ චිත්‍රපටයේ දෙවැනි කොටස ඉතා හොඳින් සිනමාව අල්ලගෙන සාර්ථකව ප්‍රදර්ශනය වීමත් මේ ‘ධකාඩ්’ චිත්‍රපටය අසාර්ථක වෙන්න තවත් හේතුවක් වෙන්න ඇති කියලා තමයි සඳහන් වෙන්නේ…

ඔබ කවුරුත් හොඳින් දන්නා කංගනා කියන්නේ එසේ මෙසේ නිලියක් නෙමෙයි නේ… කොහොමත් කංගනා චිත්‍රපටයක් සඳහා ඉහළ මුදලක් ද අය කරන නිළියන් අතර ඉන්න කෙනෙක්… එහෙම තියෙද්දි චිත්‍රපටය පාඩු ලැබුවා කිව්වාම ඉතිං නේද ? මාර වැඩ තමයි වෙන්නේ…

Share This