
ඖෂධ ආනයනයට වැයවන මුදල් කඩිනමින් මුදා හැරීමට මුදල් අමාත්‍යාංශයේ එකඟතාව
ඖෂධ ආනයනය සඳහා මාසිකව වැයවන මුදල් කඩිනමින් ලබා දීමට මුදල් අමාත්‍යාංශය එකඟතාව පළකර තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේ ඖෂධ ආනයනය සඳහා මාසිකව ඩොලර් මිලියන 13 ක් වැය වන බවයි.
නමුත් එම මුදල් නිසි පරිදි ලබා නොදීම හේතුවෙන් ඖෂධ ආනයනයේදි ගැටලූ මතුව තිබෙනවා.
මේ සම්බන්ධයෙන් පසුගියදා මුදල් අමාත්‍යාංශ බලධාරීන් සමග සිදු කළ සාකච්ඡාවකදී මෙම එකඟතාවට පැමිණ ඇති බව සදහන්.