ඕස්ට්‍රේලියාවේ ඩාලිං නදියේ මසුන් මිලියන ගණනක් මියයයි

ඕස්ට්‍රේලියාවේ ඩාලිං නදියේ මසුන් මිලියන ගණනක් මියයයි

ඔස්ට‍්‍රලෙියාවේ නිව් සවුත්වේල්ස් ප‍්‍රාන්තයේ මෙනින්ඩ් නගරය අසළ ඩාලිං නදියේ මසුන් මිලියන ගණනක් එකවර මියගොස් තිබෙනවා.

ගංඟාව පුරා මියගිය මසුන් පාවෙමින් පවතින අතර, අධික දුර්ගන්ධයක් ප‍්‍රදේශය පුරා පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ගංවතුර සහ උෂ්ණාධික කාලගුණය හේතුවෙන් මෙම මසුන් මියගොස් ඇති බවටයි එම වාර්තා වැඩි දුරටත් දැක්වෙන්නේ.

ඕස්ට්‍රේලියාවේ තුන්වන දිගම ගංඟාව වන මෙහි මීට වසර හතරකට පෙර ද මෙවැනිම සිද්ධියක් වාර්තා වූ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කළා.

Share This