ඕස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලාංකික පවුලකට බලපෑම්

ඕස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලාංකික පවුලකට බලපෑම්

ක්‍රිස්මස් දුපතේ රඳවා සිටින ශ්‍රී ලාංකික සම්භවයක් සහිත පවුලක් වහා මුදා හරින ලෙස ඕස්ට්‍රේලියා රජයට එල්ලවන බලපෑම ඉහළ ගොස් තිබෙනවා.
ඒ එම පවුලේ බාල දැරිය මේ වනවිට රෝගාතුරව පර්ත් නුවර රෝහලක ප්‍රතිකාර ලැබීම හේතුවෙන්.
දැරිය රෝගාතුරවීමත් සමග ක්‍රිස්මස් දූපතේදී ඔවුන්ට සැපයෙන පහසුකම් ප්‍රමාණවත් නොවන බවට චෝදනා එල්ල වනවා.
අදාළ දෙමව්පියන් බෝට්ටුවක් මගින් ඔස්ට්‍රේලියාවට ගොස් තිබුණේ මීට වසර 10 කට පමණ ඉහතදී.
2018 වසරේදී ඔවුන්ගේ සරණාගත අයදුම්පත් ප්‍රතික්ෂේප වීමත් සමග පිටුවහල් කිරීමටද තීරණය කර තිබුනා.
අධිකරණ නියෝගයක් මත එය වැළකී ගිය බවයි එරට මාධ්‍ය වාර්තා කලේ.
කෙසේ වෙතත් ඕස්ට්‍රේලියා රජය අවධාරණය කරන්නේ කිසිදු නීති විරෝධී සංක්‍රමණිකයෙකුට සිය රට තුළ ඉඩක් නොමැති බවයි.
ඒ අනුව මෙම ශ්‍රී ලාංකික පවුල නවසීලනත්යට හෝ අමෙරිකාවට පිටුවහල් කල හැකිදැයි විමසා බැලෙන බවද ඕස්ට්‍රේලියානු රජය පවසනවා.

Share This