ඕස්ට්‍රේලියානු රජය කළ ඉල්ලීමක් එරට අභියාචනය ප්‍රතික්ෂේප කරයි

ඕස්ට්‍රේලියානු රජය කළ ඉල්ලීමක් එරට අභියාචනය ප්‍රතික්ෂේප කරයි

සර්බියානු සුපිරි ටෙනිස් ක්‍රීඩක නොවැක් ජොකෝවික් පිටුවහල් කිරීමට එරෙහිව ඕස්ට්‍රේලියානු රජය ඉදිරිපත් කළ අභියාචනය විභාග කිරීම ප්‍රමාද කිරීමට රජය කළ ඉල්ලීම එරට අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඒ අනුව එම අභියාචනය විභාගයට ගැනීම නියමිත පරිදි සඳුදා උදෑසන ආරම්භ වනු ඇති

එය එළබෙන බදාදා දිනය දක්වා කල් දමන ලෙසයි ඕස්ට්‍රේලියානු රජය ඉල්ලා සිටියේ.

ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාව ආරක්ෂා කර ගැනීම සඳහා පසුගිය සතියේ මෙල්බර්න් නුවරට ගොඩ බැසීමෙන් පසු ජොකොවිච්ටඕස්ට්‍රේලියාවට ඇතුළුවීමට තහනම් කෙරුණා.

ඒ කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත්කරණය සම්පූර්ණ කර නොමැති වීම හා එය ලබාගැනීම ද ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන්

ඕස්ට්‍රේලියානු රජය විසින් ඔහුගේ වීසා බලපත්‍රය අවලංගු කිරීමට ගත් තීරණයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට කටයුතු කළ අතර ඔහුව මේ වන විටත් එරට ආගමන රැඳවුම් මධ්‍යස්ථානයක රඳවා තිබෙනවා

34 හැවිරිදි ජොකොවික් හට ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරඟාවලියට ක්‍රීඩා කිරීමට වෛද්‍ය නිදහසක් ලබා දී තිබුනේ දැඩි සෞඛ්‍ය නීති රැසක් යටතේ ජීවත් වන බොහෝ සාමාන්‍යඕස්ට්‍රේලියානුවන් කෝපයට පත් කරමින්.

Share This