ඕස්ටට්‍රේලියාව අවසන් පූර්ව වටයට

ඕස්ටට්‍රේලියාව අවසන් පූර්ව වටයට

දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ කාන්තා ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ඕස්ටට්‍රේලියානු කාන්තා යොවුන් කණ්ඩායම සමත් වුණා.

ඒ එක්සත් අරාබි එමීර් රාජ්‍ය සමග පැවති තරගය කඩුඵ 6 කින් ජයග‍්‍රහණය කරමින්.

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුඵ 8 ක් දැවී ලකුණු 107 ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ ඕස්ටට්‍රේලියානු වයස අවුරුදු 19 න් පහළ යොවුන් කාන්තා කණ්ඩායම පන්දුවාර 15 යි එක් පන්දුවක් අවසානයේ කඩුළු 4 ක් පමණක් දැවී ලකුණු 109 ක් ලබා තරගය ජයග‍්‍රහණය කළා.

කාණ්ඩ 2 ක් යටතේ පැවැත්වෙන මෙවර ලෝක කුසලාන තරගාවලියේදී ශී‍්‍ර ලංකා වයස අවුරුදු 19 න් පහළ කාන්තා කි‍්‍රකට් කණ්ඩායම පළමු කාණ්ඩය යටතේ තරඟ වදිනවා.

Share This