ඔස්ට්‍රේලියාව සහ සිංගප්පූරුව අතර සංචාරක බුබුලක්

ඔස්ට්‍රේලියාව සහ සිංගප්පූරුව අතර සංචාරක බුබුලක්

ඔස්ට්‍රේලියාව හා සිංගප්පූරුව අතර ජාත්‍යන්තර සිසුන් ගෙන්වා ගැනීම සදහා සංචාරක බුබුළක් ආරම්භ කිරීමට දෙරටෙහි නායකයන් අවධානය යොමු කර තිබෙනවා.
ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන්ගේ සිංගප්පූරු සංචාරය අතරතුර අගමැති ලී සියෑන් ලුංග් සමග ඒ සම්බන්ධව සාකච්ඡා කර ඇති බව සඳහන්.
අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන්’පවසන්නේ කොරෝනා පාලනය සම්බන්ධයෙන් සිංගප්පූරුව ඉහල ප්‍රගතියක් ඇත කර ගෙන ඇති බැවින් නිරෝධායන නොමැති සංචාරක බුබුලු කලාපයක් ආරම්භ කල හැකි බවයි.

කෙසේවෙතත් මෙම සංචාරක බුබුල ආරම්භ කෙරෙන දිනයක් මේ දක්වා සැළසුම් කර නැහැ.
දැනට ඔස්ට්‍රේලියාව සමග සංචාරක බුබුළක් ක්‍රියාත්මක වන්නේ නවසීලන්තය සමග පමණයි.

Share This