ඔස්ට්‍රේලියාව කඩුලු 8කට 313යි.

ඔස්ට්‍රේලියාව කඩුලු 8කට 313යි.

සංචාරක ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අවසන් වන විට සිය පළමු ඉනිම ක්‍රිඩා කරමින් සිටින ඕස්ටේ‍්‍රලියාව කඩුළු 8 ක් දැවී ලකුණු 313 ක් ලබා සිටියා.

ගාලු ක්‍රීඩාංගනයට බලපෑ අධික වර්ෂාව හා තද සුළං තත්ත්වය හේතුවෙන් අද දිනය සඳහා නියමිත වේලාවට තරගය ආරම්භ කිරීමට නොහැකි වූ අතර, තරගය පස්වරු 1.45 ට ආරම්භ කිරීමට හැකි වුණේ දිනයට අදාල පන්දුවාර සංඛ්‍යාව 69 කට සීමා කරමින්.

කැමරන් ග්‍රීන් ලකුණු 77 ක් ලබාගැනීමට සමත් වූණා.

උස්මාන් කවාජා රැස් කළ ලකුණු සංඛ්‍යාව 71 ක්.

පන්දු යැවීමේදී රමේෂ් මෙන්ඩිස් කඩුළු 4 ක් දවාගෙන සිටිනවා.

ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 212 කයි.

ඒ අනුව ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම මේ වන විට ශ්‍රි ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 101 ක් ඉදිරියෙන් පසුවනවා.

Share This