ඔබේසේකරපුරදී පළා ගිය මත් ජාවාරම්කරු හඳුනා ගැනේ

ඔබේසේකරපුරදී පළා ගිය මත් ජාවාරම්කරු හඳුනා ගැනේ

රාජගිරිය ඔබේසේකරපුර ප්‍රදේශයේදි මත්ද්‍රව්‍ය වැටලීමකට ගිය පොලිස් නිලධාරියෙකු අනතුරට ලක්කර පළා ගිය ප්‍රධාන සැකකරු හඳුනාගෙන තිබෙනවා.

ඔහු නුගේගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර පෙර අපරාධවලට සම්බන්ධ සැකකරුවෙක්.

ඔහුගේ නිවස පොලිස් නිලධාරීන් විසින් පරීක්ෂාවට ලක්කර තිබෙනවා.

සැකකරුට නවාතැන් පහසුකම් සැපයූ දෙදෙනෙකු තලංගම දේවාලගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනුනා.

සිද්ධියට සම්බන්ධ මෝටර් රථය ද සොයාගෙන ඇති අතර පළාගිය මෝටර් රථයෙන් ඇද වැටී තුවාල ලැබූ පොලිස් නිලධාරියා සුවය ලබමින් සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසුවේ.

Share This