” ඒ ලේඩි ඩොක්ටර් මට ක්‍රීම් එකක් හදලා දුන්නා” – ඕෂධී සුදු වුන රහස හෙලි කරයි. [Photos]

” ඒ ලේඩි ඩොක්ටර් මට ක්‍රීම් එකක් හදලා දුන්නා” – ඕෂධී සුදු වුන රහස හෙලි කරයි. [Photos]

ඕෂධී හේවාමද්දුමගේ කියන්නෙ පුංචි තිරයෙන් ප්‍රේක්ෂක ඔබ වෙතට සමීප වූ කවුරුත් ආදරය කරන නිළියක්.

ඇය කාලයක් දේශපාලන කරළියෙත් කතාබහට ලක්වුණු කෙනෙක්.

ඕෂධීට ආදරේ කරන ගොඩක් අයට ඇගේ සමේ වර්ණය ලොකු ප්‍රශ්නයක්.

ඉතින් මේ ප්‍රශ්නයට හරිම උත්තරේ ඕෂධී යූටියුබ් නාලිකාවක වැඩසටහකදී හෙළි කරලා තිබුණා.

ඔයා ඇත්තටම සුදු වුණේ කොහොමද ? 

” ඇත්තටම හොඳ ප්‍රශ්නයක්.

එක එක්කෙනා එක එක ස්ටෝරිස් හදලානේ.

ලංකාවේ සමහරු මාව පෙන්නලා බිස්නස් පවා වැඩි කරන් තියෙනවා.

ඇත්තටම මෙහෙමයි… මගේ ස්කීන් එක.. මම ට්‍රෙන්ඩ් එකට සුදු වුණා නෙවෙයි.

මගේ තිබ්බ පාටට මම ආසයි.

නමුත් මගේ ස්කීන් එකේ ප්‍රශ්නයක් නිසා මට කලර් එක වෙනස් කරගන්න වුණා.

ඒ අවුරුදු දහයකට කලින්.

ලංකාවේ ඩොක්ටස්ලාට මේක බැරිවුණා.

ඒක ස්කීන් ඩිසෝඩර් (අසංතුලිතාවයක්) එකක්.

මම සිංගප්පූර් ගියාම ඒ ඩොක්ටර් කිව්වා, අපි මේක එක කලර් එකකට ගමු කියලා.

ඒ ලේඩි ඩොක්ටර් මට ක්‍රීම් එකක් හදලා දුන්නා.

ඒක කඩේ ගන්න තියෙන එකක් නෙවෙයි.

ඒක ගෑවා මාස ගාණක්.

ගොඩක් අය හිතන්නෙ ඉන්ජක්ෂන් ගහලා කියලා.

ඉන්ජක්ෂන් ගැහුවම එන්නෙ මේ පාට නෙවෙයි.

ලංකාවේ කිසිම තැනකින් මම ට්‍රීට්මන්ට් අරන් නෑ.

මගේ මූණ පාවිච්චි කරලා තියෙනවා ගොඩක් අය බිස්නස් වලට ඉන්ජක්ෂන් ගහන තැන්වල.. ක්‍රීම් විකුණන තැන්.

එහෙම ප්‍රතිකාර වැරදුණු අය මටත් කතා කරලා තියෙනවා. “

Share This