එමා – වසර 44ක බ්‍රිතාන්‍යය ඉතිහාසය අලුත් කරයි

එමා – වසර 44ක බ්‍රිතාන්‍යය ඉතිහාසය අලුත් කරයි

අමෙරිකානු විවෘත ටෙනිස් ශූරතාවලියේ කාන්තා කේවල අංශයේ කුසලානය දිනා ගැනීමට බ්‍රිතාන්‍ය ක්‍රීඩිකා එමා රඩුකානු සමත්වූවා.

18 හැවිරිදි එමා රටට අත් කර දුන්නේ වසර 44 ක අපේක්ෂා කළ කාන්තා ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතාවයි.

බ්‍රිතාන්‍ය ක්‍රීඩිකාවක විසින් අවසන් වරට ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතාවයක් දිනා ගනු ලැබුවේ 1977 වසරේ පැවති විම්බල්ඩන් තරගාවලියේදී.

මෙවර අමෙරිකානු විවෘත ටෙනිස් ශූරතාවලියේ එමා හමුවේ පරාජය වූයේ 19 හැවිරිදි කැනඩා ක්‍රීඩිකා ලෙයිලා ෆර්නෑන්ඩස්.

6 ට 4 ක් සහ 6 ට 3 ක් ලෙස එමා විසින් අත්කර ගත් මෙම ජයග්‍රහණයට බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබෙත් මහ රැජිණ ඇතුලු පාර්ශව ගණනාවක් සුබ පැතුම් පිරිනැමුවා.

TAGS
Share This