එන්නත අනිවාර්ය නොවුනත් කාඩ්පත අනිවාර්ය වෙයි

එන්නත අනිවාර්ය නොවුනත් කාඩ්පත අනිවාර්ය වෙයි

කොරෝනා එන්නත අනිවාර්ය කිරීමට නෛතික පසුබිමක් මෙරට තුළ නොමැති වුවද ප්‍රසිද්ධ ස්ථාන වලට ඇතුල් වීමේදී එන්නත් කාඩ් පත අනිවාර්ය කිරීමට හැකියාව ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

මහනුවර ප්‍රදේශයේ පැවති උත්සවකදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ අදහස් පළකළා.

වයස අවුරුදු 12ත් 15ත් අතර පාසල් ළමුන් සඳහා කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාදීම අද සිට ආරම්භ කර තිබෙනවා.

ඒ පිළිබඳවද විෂය භාර අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මෙලෙස අදහස් පල කළා.

මේ අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජීව විද්‍යා අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේ දෙමව්පියන් අනිසි බියකින් තොරව තම දරුවන් එන්නත්කරණයට යොමු කළ යුතු බවයි.

එහිදී ඔහුගේ පුත්‍රයා ද අද දිනයේ පාසලේදී එන්නත් ලබා ගන්නා ඡායාරූපයක් පළ කරමින් ජීවන්දර මහතා වැඩි දුරටත් සඳහන් කළේ දරුවන් එන්නත්කරණයට යොමු කිරීම සඳහා දෙමව්පියන් දිරි ගැන්වීමට කටයුතු කරන බවයි.

Share This