එජාපයට එරෙහිව වාරණ නියෝගයක්.

එජාපයට එරෙහිව වාරණ නියෝගයක්.

එක්සත් ජාතික පක්ෂ පළාත් පාලන මන්ත්‍රීවරු 21 දෙනෙකු පක්ෂයෙන් නෙරපා හැරිම හේතුවෙන් මතුවන පුරප්පාඩු සඳහා වෙනත් අය නම් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ එම පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසක් වෙතයි.

මෙහි වගඋත්තරකරුවන් ලෙස එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා, එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා, එම පක්ෂයේ විනය කමිටුවේ ලේකම් සමින්ද ජයසේකර මහතා නම් කර තිබුණා.

අදාළ මන්ත්‍රීවරු පිරිස විසින් ඉදිරිපත් කළ පැමිණිලි සලකා බැලීමෙන් පසුව ලබන 29 වනදා තෙක් බලපැවැත්වෙන පරිදි කොළඹ දිසා විනිසුරු අරුණ අලුත්ගේ මහතා විසින් අදාළ වාරණ නියෝගය නිකුත් කළේ.

Share This