එක්සත් අරාබි එමීර් කණ්ඩායමට දැවැන්ත ඉලක්කයක්

එක්සත් අරාබි එමීර් කණ්ඩායමට දැවැන්ත ඉලක්කයක්

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරග වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ එක්සත් අරාබි එමීර් කණ්ඩායම අතර තරගය මේ වන විට පැවැත්වෙනවා.

ඒ සිම්බාබ්වේ දේශයේ බුලවායෝහිදීයි.

තරගයේ කාසියේ වාසිය දිනූ එක්සත් අරාබි එමීර් කණ්ඩායම් නායකයාගේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 355ක්.

පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් පන්දු 63කදී ලකුණු 78 සහ සදීර සමරවික්‍රම පන්දු 64කදී ලකුණු 73ක් ලබා ගැනීමට සමත් වුනා.

පන්දු යැවීමේදී එක්සත් අරාබි එමීර් කණ්ඩායම වෙනුවෙන් අලි නසීර් ලකුණු 44 කට කඩුලු 2ක් බිඳ දැමුවා.

Share This