එංගලන්ත – ශ්‍රී ලංකා තරගාවලියේ රාත්‍රී තරග සංවිධාන කිරීමේ ගැටලුවක්

එංගලන්ත – ශ්‍රී ලංකා තරගාවලියේ රාත්‍රී තරග සංවිධාන කිරීමේ ගැටලුවක්

එංගලන්ත – ශ්‍රී ලංකා 20යි 20 තරගාවලියේ රාත්‍රී තරග සංවිධාන කිරීමේ ගැටලුවක් මතුව ඇති බව එරට ක්‍රිකට් ආයතනය පවසනවා.
ඒ, තරගය පැවැත්වෙන කාර්ඩිෆ් ක්‍රීඩාංගනයේ විදුලි ආලෝකය සපයන එක් කුළුනක් අක්‍රීය වීම හේතුවෙන්.
එය යථාතත්ත්වයට පත් කිරීම සදහා අවශ්‍ය අමතර කොටස් අමෙරිකා එක්සත් ජනපදයෙන් ඇණවුම් කර ඇතත්, ඒවා මෙතෙක් ලැබී නොමැති බවයි වාර්තා වුණේ.
විදුලි ආලෝකය ලබා ගැනීම සදහා තාවකාලික ක්‍රමවේදයන් සම්බන්ධයෙන් ද බළධාරීන් විසින් අවධානය යොමු කර තිබෙනවා.
කෙසේ වෙතත් ලබන 23 වනදා ආරම්භ වීමට නියමිත තරගාවලිය සැලසුම් කළ පරිදි ආරම්භ කිරීමට සූදානමින් පසුවන බව ද එංගලන්ත ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළා.

Share This