එංගලන්ත ටෙස්ට් ක‍්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ධුරයට බ්‍රෙන්ඩන්

එංගලන්ත ටෙස්ට් ක‍්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ධුරයට බ්‍රෙන්ඩන්

එංගලන්ත ටෙස්ට් ක‍්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස නවසීලන්ත හිටපු ක‍්‍රිකට් ක‍්‍රීඩක බ්‍රෙන්ඩන් මැකලම් පත් කර තිබෙනවා.

වසර 4 ක කාලයක් සඳහා ඔහු ගිවිසුම් ගත වී ඇති බව සඳහන්.

ඔහු මේ වන විට ඉන්දීය ප‍්‍රිමියර් ලීග් තරඟාවලියට තරඟ වදින කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරනවා.

මෙවර ඉන්දීය ප‍්‍රිමියර් ලීග් තරගාවලියෙන් අනතුරුව මැකලම් එම ධුරයෙන් ඉවත් වීමට නියමිතව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ.

40 හැවිරිදි මැකලම් ක‍්‍රීඩකයෙකු ලෙස 2019 වසරේ දී ක‍්‍රිකට් ක‍්‍රීඩාවෙන් සමු ගත් අතර, මේ දක්වා ඔහු පළමු පෙල ක‍්‍රිකට් පිටියේ දී පුහුණුකරුවෙකු ලෙස කටයුතු කර නැහැ.

Share This