ඌව පරණගම රිය අනතුරකින් දෙදෙනෙකු මරුට

ඌව පරණගම රිය අනතුරකින් දෙදෙනෙකු මරුට

බදුල්ල – ඌවපරණගම – අඹගස්දූව ප්‍රදේශයේදී කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදු වූ අනතුරකින් එහි ගමන් ගත් රියදුරු ඇතුළු දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

මැදවෙල සිට රේන්දපොළ දක්වා ධාවනය වෙමින් තිබූ කැබ් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි පොලීසිය පැවසුවේ.

මිය ගිය පුද්ගලයින් දෙදෙනා 29 හා 36 යන වයස්වල පසුවන්නන් වන අතර ඔවුන් හග්ගල සහ ගලහගම ප්‍රදේශවල පදිංචිකරුවන්.

Share This