ඌරුගස්මංහන්දිය යුවලගේ මළ සිරුරු ගැන තොරතුරු හෙළිවෙයි

ඌරුගස්මංහන්දිය යුවලගේ මළ සිරුරු ගැන තොරතුරු හෙළිවෙයි

ඌරගස්මංහන්දිය – කොරකීන ප්‍රදේශයේ නිවසකින් යුවළකගේ මළ සිරුරු හමුවීමේ සිද්ධිය ඝාතනයක් සහ සියදිවි හානි කරගැනීමක් බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ, මියගිය පුරුෂයා විසින් කාන්තාව ඝාතනය කර ඔහුද සියදිවි හානි කරගෙන ඇති බවයි.

මෙම මළ සිරුරු හමුවුණේ ඊයේ පෙරවරුවේදීයි.

එහිදී අදාළ කාන්තාවගේ මළ සිරුර එම නිවසේ කාමරයක ඇඳක් මත තිබී හමු වූ අතර ඇගේ දෑත් මත මල් කළඹක් ද තබා තිබුණා.

පසෙකින් ගෙල වැළලාගෙන මිය ගොස් සිටි පිරිමි පුද්ගලයකුගේ දේහයක් ද හමු වූ බවයි පොලීසිය සඳහන් කළේ.

ඒ අනුව සිදු කල මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ, අදාළ යුවළ තම නීත්‍යානුකූල විවාහයන්ගෙන් වෙන් වී වසර 05ක පමණ කාලයක් අනියම් සබඳතාවයක් පවත්වමින් එම නිවසේ කල්ගත කර ඇති බවයි.

ඔවුන්ට, සිය නීත්‍යානුකූල විවාහයන් තුළ දරුවන් සිටින බවටද පොලිසියට තොරතුරු ලැබී තිබෙනවා.

මෙලෙස මිය ගොස් තිබුනේ ඌරගස්මංහන්සිය – කොරකීන ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ 38 හැවිරිදි කාන්තාවක්.

මෘතදේහ පිළිබඳ මරණ පරීක්ෂණයේ සහ මහේස්ත්‍රාත් පරීක්ෂණ වාර්තා අද ලැබීමට නියමිතයි

Share This