උපන්දින දවසෙත් අනුෂ්කා රූ ගත කිරිම්වල

උපන්දින දවසෙත් අනුෂ්කා රූ ගත කිරිම්වල

හිටපු ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායක විරාත් කෝලිගේ ආදරණිය බිරිඳ ජනප්‍රිය නිළි අනුෂ්කා ෂර්මාගේ 34 වැනි උපන්දිනය පසුගිය මැයි පළමු වැනිදාට යෙදි තිබුණි.

කෙසේ වෙතත්, ඇය එදිනද සුපුරුදු පරිදි රූපගත කිරිම් කටයුතුවල නිරත වි සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ අද්විතිය චරිතයක් වූ ජුලාන් ගෝස්වාමිගේ ජිවිත කතාව ඇසුරෙන් නිර්මාණය වන ‘Chakda Xpress’ චිත්‍රපටයේ රූගත කිරීම් වලට සහභාගී වෙමින්.

විරාත් කෝලි දැනට ක්‍රීඩා කරමින් සිටින ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර්’ කණ්ඩායමේ සාමාජිකයන් විසින් ඇයට පුදුම කිරිමේ උපන්දින සාදයක් පවත්වා තිබුණ බව සඳහන්.

Share This