උදුම්බරා හෙවත් නදීෂානිගේ Pre Shoot එක

උදුම්බරා හෙවත් නදීෂානිගේ Pre Shoot එක


කාලයකට ඉහතදී රිදී තිරයට “උදුම්බරා” වූ නදීෂානි හෙන්ඩර්සන් නම කියනවාට වඩා රුව දුටු සැනින් කාගේත් මතකයට නැගෙන කෙනෙක්.

ඇය ක්‍රීඩිකාවක්. ඒ නිසාම තමයි ඇයට සුසන්තිකා ජයසිංහ හරහා උදුම්බරා චිත්‍ර පටියට සම්බන්ධ වෙන්න අවස්ථාව උදා වෙන්නේ.’
දිනක් සුසන්තිකා ජයසිංහ ඇයගෙන් අහල තියෙනවා ඉන්දීය අධ්‍යක්ෂක වරයෙක් අධ්‍යක්ෂණය කරන සිංහල චිත්‍රපටයකට සම්බන්ධ වෙන්න කැමැතියි ද යනුවෙන්.

ක්‍රීඩාව හේතුවෙන් අභියෝග වලට මුහුණ දෙන  එක නුහුරුවක් නොවූ නිසා ඇය ඊට කැමැත්ත පල කර තිබෙනවා.
මේ විදිහට තමයි උදුම්බරා චරිතය ඇයට හිමි වන්නේ .

  එය අතිශය ජනප්‍රියත්වයට පත් වූ සිනමා නිර්මාණයක් හේතුවෙන් ඇයවත් බොහෝ ප්‍රේක්ෂක පිරිසක් හදුනාගනු ලබනවා.ඇය පසුගිය දිනක විවාහ දිවියට එළඹිලා තිබෙනවා. උත්සවයක් නැතිව තමයි ඇයට විවාහ වෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒ මේ පවතින වසංගත තත්ත්වය හේතුවෙන්.විවාහ උත්සවය සැලසුම් සැලසුම් කර තිබෙන අවස්ථාවේ දී තමයි හදිසියේම lockdown ගැටලුව මතු වී තිබෙන්නේ. ඒ හේතුවෙන් තමයි කිසිදු උත්සවයක් නොමැතිව ඇයට විවාහ  වෙන්න වෙලා තියෙන්නේ.

ඉදිරියේදී සිනමා නිර්මාණ වලට ඇයට ආරාධනා හිමිවෙලා තියෙනවා කියලයි කිව්වේ. අනාගතයේ දී ඇයගේ රංගනයන් ඒ තුළින් දැකගන්න අවස්ථාව ලැබෙයි කියලා අනුමාන කරන්න පුළුවන්.
නදීෂානිගේ වෙඩින් ප්‍රී ෂූට් එකේ ඡායාරූප කිහිපයක් තමයි මේ තියෙන්නෙ.

Share This