
උද්ධමනය සියයට 60 ඉක්මවයි.
කොළඹ පාරිභෝගික මිළ දර්ශකය අනුව මෙරට උද්ධමනය මාසයක කාලයක් තුළ සියයට 60.8 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එය ජූනි මාසයේ පැවතියේ 54.6 ක් ලෙසින්.
ආහාර කාණ්ඩයේ මිළ ගණන් ද සියයට 90.9 කින් ඉහළ ගොස් ඇති බවයි ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව අද නිකුත් කර ඇති වාර්තාවක දැක්වෙන්නේ.
එය ජූනි මාසයේදී පැවතියේ සියයට 80.1 ක් ලෙසයි.