උතුරු කොරියාව දිය යට ප‍්‍රහාරක ඩ්‍රෝන යානයක් අත්හදා බලයි

උතුරු කොරියාව දිය යට ප‍්‍රහාරක ඩ්‍රෝන යානයක් අත්හදා බලයි

විකිරණශීලී සුනාමියක් ජනනය කළ හැකි, නව න්‍යෂ්ටික හැකියාව ඇති දිය යට ප‍්‍රහාරක ඩ්‍රෝන යානයක් උතුරු කොරියාව අත්හදා බලා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ දකුණු කොරියාව සහ ඇමරිකාව අතර යුද අභ්‍යාස පැවැත්වෙමින් තිබෙන අතරතුර මෙම ඩ්‍රෝන යානය පැය 59 ක් දියයට ගමන් කර උතුරු කොරියාවේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් ජලයේ පුපුරුවා හැර ඇති බවයි.

මෙම න්‍යෂ්ටික ඩ්‍රෝන යානය මගින් ඕනෑම අවස්ථාවක ප‍්‍රධාන මෙහෙයුම් වරායන් විනාශ කළ හැකි බවද උතුරු කොරියානු මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Share This