
උත්තර පත‍්‍ර පරීක්ෂකවරුන්ගෙන් අයදුම්පත් කැඳවීමේ කාල සීමාව අදින් අවසන්
උසස් පෙළ විභාග පිළිතුරු පත‍්‍ර ඇගයීමේ කටයුතු සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එමගින් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා කියා සිටියේ විෂයන් 52ක් සඳහා පිළිතුරු පත‍්‍ර ඇගයීම් කටයුතු සඳහා ප‍්‍රමාණවත් අයදුම්පත් ලැබී ඇති බවයි.
කෙසේ වෙතත් තවත් විෂයන් 11ක් සඳහා අයදුම්පත් යොමු කිරීම සඳහා අද මධ්‍යම රාත්‍රී 12 දක්වා අවස්ථාව පවතින බවයි විභාග කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.