
උණවටුනේ දී අඹුසැමි යුවළකට වෙඩි – සැමියා මරුට
ගාල්ල උණවටුන හීනටිගල ප‍්‍රදේශයේ දී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය ගොස් තවත් කාන්තාවක් තුවාල ලබා ඇති බව පොලිසිය ප‍්‍රකාශ කළා.
මෙම අඹුසැමි යුවළ ත්‍රී රෝද රථයකින් තම දරුවන් පාසලට ඇරලවා නැවත පැමිණෙමින් සිටිය දී මෙලෙස වෙඩි ප‍්‍රහාරයට ලක්ව ඇති බව සඳහන්.
අනතුරුව ඔවුන් දෙදෙනා ප‍්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමේ දී පිරිමි පුද්ගලයා මිය ගොස් ඇති අතර ඔහු එම ප‍්‍රදේශයේම පදිංචි කරුවෙක්.
යතුරු පැදියකින් පැමිණි සැකකරුවන් දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවට දැනට සිදු කළ විමර්ශන වලදී අනාවරණ වී තිබෙනවා.