
උඩවලවට ජලය ලබාගැනීමට අද නව කැබිනට් පත්‍රිකාවක්.
සමනල වැව ජලාශයෙන් උඩවලව ජලාශයට ජලය ලබාගැනීම සම්බන්ධයෙන් වන කැබිනට් පත්‍රිකාව අද අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීමට නියමිතයි.
පවතින වියළි කාලගුණික තත්ත්වය හමුවේ උඩවලව ජලාශයේ ජලය සීදීයාමත් සමඟ වලව කලාපයේ ගොවි ජනතාව සිය වගා කටයුතු සිදුකිරීමට නොහැකි වීමෙන් දැඩිඅර්බුදයකට මුහුණ පා සිටින අතර ඊට විසඳුමක් ලෙස සමනල වැව ජලාශයෙන් ජලය ලබාගැනීම කෙරෙහි අවදානය යොමුව තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් වන කැබිනට් පත්‍රිකාව පසුගිය සතියේ දී අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කිරීමට කෘෂිකර්ම අමාත්‍යවරයා කටයුතු කල ද විදුලි උත්පාදනය සදහා ප්‍රමාණවත් ජල මට්ටමක් නොමැති වීමෙන් ඊට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වුයේ නැහැ.