ඉරාන – ශ්‍රී ලංකා ඒකාබද්ධ කොමිසමක්.

ඉරාන – ශ්‍රී ලංකා ඒකාබද්ධ කොමිසමක්.

ඉරාන – ශ්‍රී ලංකා ඒකාබද්ධ ආර්ථික කොමිසමක් පිහිටුවීමට සූදානම් බව එරට විදේශ අමාත්‍ය හුසේන් අමීර් අබ්දුල්ලාහියන් පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා ඉරානයේ ටෙහෙරාන් නුවරදී හමුවූ අවස්ථාවේදියි.

මෙහිදී දෙරට අතර සබඳතා සහ කලාපීය මෙන්ම ජාත්‍යන්තර ගැටළු සම්බන්ධයෙන් ද අවධානය යොමු වූ බව සදහන්.

එමෙන්ම ඒකාබද්ධ කොන්සියුලර් සහ සංචාරක කමිටුවක් පිහිටුවීමටද නව තාක්ෂණික ක්ෂේත්‍රයේ හැකියා සහ දැනුම හුවමාරුකර ගැනීමට ද ඉරානය එහිදී එකගතාව පලකර තිබෙනවා.

මෙහිදී විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා ආරාධනා කලේ ඉරාන විදේශ අමාත්‍යවරයාට ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණෙන ලෙසයි.

Share This