ඉමදූව සිද්ධියට සම්බන්ධ OIC ට එරෙහිව විනය ක්‍රියා මාර්ග

ඉමදූව සිද්ධියට සම්බන්ධ OIC ට එරෙහිව විනය ක්‍රියා මාර්ග

ගාල්ල ඉමදූව අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේදී බීමත් රියැදුරෙකු පරික්ෂා කළ පොලිස් කොස්තාපල්වරයෙකුට අදාළ සැකකරු මුදා හරින ලෙස උපදෙස් ලබාදුන් පොලිස් ස්ථානාධිපතිවරයා සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයාගේ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරීවරයෙකු විසින් මීට අදාළ විමර්ශන සිදු කරන බවයි.

දැනට සිදු කළ විමර්ශන වලදී මෙම ස්ථානාධිපතිවරයා විනය විරෝධී ක්‍රියාවක් සිදු කර ඇති බව අනාවරණය වී ඇති බවත් ඔහුට එරෙහිව අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනීම සඳහා නිර්දේශ ඇතුළත් විමර්ශන වාර්තාවක් මේ වන විටත් අදාළ අංශ වෙත යොමු කොට ඇති බව ද සඳහන්.

Share This