ඉන්ධන පෝලිමකින් තවත් පුද්ගල මරණයක්

ඉන්ධන පෝලිමකින් තවත් පුද්ගල මරණයක්

ඉන්ධන පිරවුම්හලක පෝලිමේ රැඳී සිටි තවත් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා.

හොරණ, බටගොඩ ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම්හලක ඊයේ දින සිට රැඳී සිට ඇති බව පොලිසිය පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ අහංගම ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි පුද්ගලයෙක්.

මිය ගිය පුද්ගලයාගේ මළ සිරුර මේ වන විට හොරණ මූලික රෝහලේ තැන්පත් කර තිබෙනවා.

අඟුරුවාතොට පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා.

Share This