ඉන්ධන නිසා ගැටුණු හමුදාව සහ පොලිසිය [VIDEO]

ඉන්ධන නිසා ගැටුණු හමුදාව සහ පොලිසිය [VIDEO]

ඉන්ධන පිරවුම්හලක රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියෙකු සහ යුද හමුදා නිලධාරියෙකු අතර ඇති වූ ගැටුමකට අදාළ CCTV දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ මේ වන විට සංසරණය වනවා.

මෙම සිදුවීම වරකාපොළ දුම්මලදෙණිය ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලේ ඇති වූ සිද්ධියක් බව පොලිසිය පවසනවා.

ආරක්ෂක රාජකාරීවල නිරතව සිටි යුද හමුදා ලුතිනන්වරයෙකු සහ පොලිස් නිලධාරියෙකු අතර බහින්බස්වීමක් සිදු වීමෙන් අනතුරුව යුද හමුදා ලුතිනන්වරයා පොලිස් නිලධාරීවරයා අතර මෙම ගැටුම නිර්මාණය වී ඇති බව සඳහන්.

පහරකෑමට ලක් වූ අදාළ පොලිස් නිලධාරියා මේ වන විට වරකාපොළ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා ලුතිනන්වරයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කළා.

ඔහුව අද වරකාපොළ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Share This