ඉන්ධන කෝටාව ඉහළ දැමීමේ තීරණයක්

ඉන්ධන කෝටාව ඉහළ දැමීමේ තීරණයක්

දැනට ලබා දී ඇති ඉන්ධන කෝටාව ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළේ එළඹෙන මාසයේ ඉන්ධන මිල සංශෝධනයේ සිට එම ඉන්ධන කෝටාව ඉහළ දැමීමට නියමිත බවයි.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මූල්‍ය, වාණිජ සහ අලෙවි අංශ සමඟ ඊයේ පස්වරුවේ පැවති රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

Share This