ඉන්දුනීසියාව හමුවේ ශ්‍රී ලංකා හොකී කණ්ඩායම පරාජය වෙයි

ඉන්දුනීසියාව හමුවේ ශ්‍රී ලංකා හොකී කණ්ඩායම පරාජය වෙයි

මෙරට හොකී කණ්ඩායම පරාජයට පත් කරමින් ඉන්දුනීසියානු හොකී කණ්ඩායම ආසියානු ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා ගෙන තිබෙනවා.

ඒ තායිලන්තයේ බැංකොක්හි දී පැවැත්වෙන කණ්ඩායම් 9 ක් තරඟ වදින සුදුස්සන් තේරීමේ තරඟාවලියේ දීයී.

තරඟයේ පළමු කාර්තුවේදී දෙපිළටම ගෝල රැස් කිරීමට නොහැකි වී ඇති අතර දෙවන කාර්තුවේද දෙපිලම එක් ගෝලය බැගින් රැස් කර ගැනීමට සමත් වුණා.

තෙවන කාර්තුවෙදී ඉන්දුනීසියානු කණ්ඩායම විසින් තවත් ගෝල 2 ක් රැස කිරීමට සමත් වූවත් ශ්‍රී ලංකා කණ්ඩායමට කිසිඳු ගෝලයක් වාර්තා කිරීමට හැකියාවක් ලැබුණේ නැහැ.

ඒ අනුව ගෝල 3 ට1 ක් ලෙස ඉන්දුනීසියානු හොකී කණ්ඩායම තරඟය ජය ගනු ලැබුවා.

Share This