ඉන්දීය ශ්‍රි ලංකා දෙවැනි එක්දින තරඟයෙන් ඉන්දියානුවන්ට ජය.

ඉන්දීය ශ්‍රි ලංකා දෙවැනි එක්දින තරඟයෙන් ඉන්දියානුවන්ට ජය.

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රි ලංකා කණ්ඩායම අතර පැවති දෙවැනි එක්දින තරඟය කඩුලු 3කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

තරඟයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දු වාර 50 ක් අවසානයේදී කඩුලු 9ක් දැවී ලකුණු 275ක් රැස්කිරීමට සමත් වුණා.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් චරිත් අසලංක ලකුණු 65ක් රැස්කළ අතර අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 50ක් රැස් කළා.

චාමික කරුණාරත්න පන්දු 33කදී 4 පහර 5ක් සමග නොදැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 44ක්.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි සංචාරක ඉන්දීය කණ්ඩායම පන්දුවාර 49යි එක් පන්දුවක් තුළ කඩුලු 7ක් පමණක් දැවී ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් වුණා.

Share This